අජේ දේව්ගන් අභිෂේක්ට බැණලා

මේ මෑතකදී අභිෂේක් බච්චන් සහ අජේ දේව්ගන් ජනප්‍රිය රූපවාහිනි වැඩ සටහනක් වන ද කපිල් ශර්මා ෂෝ හි දැකිය හැකි විණි. ඔවුන් එයට සහභාගි වූයේ අජේ නිෂ්පාදනය කරන, අභිෂේක් රඟ පාන ද බිග් බුල් චිත්‍රපටියේ ප්‍රචාරක කටයුතු වෙනුවෙනි.
පසු ගිය වසරේ ජූලි මාසයේදී සිය පියාටත්, තමාටත්, බිරිඳට හා දියණියටත් කොරෝනා වෛරසය ආසාදනය වීම ගැන එහිදී ඔහු කතා කළේය.
“මම කොරෝනා ආසාදිතයෙක් කියලා දැන ගත්ත ගමන්ම මම ඉස්සර වෙලාම කතා කළේ අජේ.. මොනවද මේ කියන්නෙ..? මොකක්ද මේ වුණේ..? කොහොමද ඕක කර ගත්තෙ..? එයා ඇහුවෙ තරහින්.. එතකොටයි මට මතක් වුණේ මම පොසිටිව් කියලා දැන ගන්න දවස් හතර පහකට කලින් එයා මාව හම්බ වෙන්න ආවා නේද කියලා..” අභිෂේක් බච්චන් කීවේ මහ හඬින් සිනාසෙමිනි.
දැන් තමා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව ද ඔහු කීවේය.
“එයා නිතරනිතරම ගෙදරින් පිට ගියා එයාගෙ වෙබ් චිත්‍රපටියක හඬ කවන්න.. එතකොට තමයි කොවිඞ් ආසාදනය වෙලා තියෙන්නෙ.. කොහොම වුණත් ඒක ඇහැව්ව ගමන්ම මට තරහ ගියා..” අජේ කීවේත් සිනාසෙමිනි.