ආනයනික කිරිපිටි සඳහා පිරිවැය පහත වැටේ
ආනයනය කරනු ලබන කිරිපිටි සඳහා දරන පිරිවැය පහළ වැටි ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.
2019 වසරේ දී රුපියල් මිලියන 127 ක් ඒ සඳහා දරා ඇති අතර 2020 වසරේ දී එය මිලියන 117ක් දක්වා අඩුව තිබෙනවා.
2018 වසරේ දී මෙරටට ආනයනය කර තිබෙන කිරිපිටි ප්රමාණය කිලෝ ග්රෑම් මිලියන 98 ක් වන අතර 2019 වසරේ දී කිලෝ ග්රෑම් මිලියන 93 ක් ලෙස ද 2020 වසරේ දී කිලෝ ග්රෑම් මිලියන 96 ක් ලෙස ද එය වාර්තා වනවා.