විදුලිය නිෂ්පාදනයට ඩීසල් භාවිතය අඩු කරනවා – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
ඩීසල් යොදාගෙන සිදුකෙරෙන විදුලිය නිෂ්පාදනය සියයට 5ක් දක්වා අඩුකිරීමට සැලසුම් කර ඇති බව
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ වන විට මෙරට විදුලිබල උත්පාදනය සඳහා ඩීසල් භාවිත කිරීම
සියයට 30ක පමණ මට්ටමක පවතින බවය.
මන්නාරම ප්‍රදේශයේ ඉදිවන මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය නිරික්ෂණය කිරිමේ අවස්ථාවට
එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.