බැඳුම්කර නඩුව වෙනුවෙන් නීතිපතිවරයා කළ ඉල්ලීම

දෙවන මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව රුපියල් බිලියන 51ට වැඩි මුදලක් සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ දසදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා අදාළ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර 2016 මාර්තු බැඳුම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් සිදුකළා.
රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස් සහ තවත් 8 දෙනෙකුට මීට එරෙහිව චෝදනා එල්ල වුණා.