විමල් තටු හකුළා ගනී. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු නොදී පැනයයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය තුළ අභ්‍යන්තර කැරැල්ලක් පසුගිය දින කිහිපයෙහි මතු කරමින් සිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීම් වලට පිළිතුරු නොදී පැනයන ආකාරයක් ඊයේ (11) දැකගැනීමට හැකිවිය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ප්‍රවර්ධන වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් ප්‍රශ්න විමසීමට සූදානම් වෙද්දී “වෙනත් ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ” කියමින් ඒ මහතා නික්ම යෑමට සැරසුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ඒ මහතාට එල්ල කර ඇති අභියෝගය පිළිබඳ මාධ්‍යවේදීන් විමසද්දී ඒ මහතා සිය නිල රථයට නැඟී දොර වසාගත්තේය.
ඒ අනුව ආණ්ඩුවේ අයිතිකරුවා ලෙසින් පසුගිය දින කිහිපයෙහි දහ අට සන්නිය නටන්නට සැරසුණු වීරවංශ මහතා හදිසියේම තටු හකුළාගෙන ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ.