ජනපතිගේ රුව යොදාගනිමින් සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ තැතක්

සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩයක් අද (12) වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා සංසරණය වන බවට තොරතුරු වාර්තා වුණා.

මෙම පණිවිඩය ක්ලික් කිරීමේදී covidfreeinternet.blogspot.com නම් වෙබ් අඩවියකට පිවිසීමක් සිදුවන අතර එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන ඡායාරූපයක්ද දැකගැනීමට ලැබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීම, ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට ලක්වීම සිදුවියහැකි බව තාක්ෂණික විශේෂඥයින් පවසනවා.