මාරාන්තික කොරෝනාවට බෙහෙත් සොයා ගද්දී, ඊශ්‍රායලය සොයාගත් අමුතුම ඉන්හේරලය ..

එන්නත වෙනුවට කොවිඩ් වෛරස අසාදිතයන්ට ලබා දිය හැකි ඉන්හේලරයක් සොයාගැනීමට ඊශ්‍රායල සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ටෙල් අවිව්හි සෞරස්කි වෛද්‍ය මධ්‍යස්ථානයේ (ඉචිලොව් රෝහලේ) (Tel Aviv Sourasky Medical Center (Ichilov Hospital), මහාචාර්ය නදීර් ආබර් (Prof Nadir Arber) විසින් සකස් කරන ලද EXO-CD24 නැමැති මෙම ආශ්වාස ප්‍රතිකාරය සායනික පරීක්ෂාවක් යටතේ මධ්‍යස්ථ හා දරුණු තත්ත්වයේ සිටින රෝගීන් 30 දෙනෙකු සඳහා ලබා දී ඇති අතර ඔවුන්ගෙන් 29 දෙනෙක් දින 3-5 ක් තුළ පූර්ණ සුවය ලබා ඇති බව සඳහන්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම ඉන්හේලරය දිනකට මිනිත්තු කීපයක් ආශ්වාස කිරීමෙන් කොවිඩ් ආසාදිතයන් දින 5 ක් වැනි කෙටි කාලයක් තුළදී සුවය ලබන බවයි වාර්තා වන්නේ.

මෙම ඍෂධය දැන් අමතර අත්හදාබැලීම් අදියරයන් කරා යොමු කර ඇති බවත් මෙය කොවිඩ් සම්බන්ධ මේ ලෝක අරගලය වෙනත් අතකට පෙරලනු ඇති බවත් විදෙස් ආරංචි මාර්ග විශ්වාසය පළ කරනවා.

ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ඖෂධය විදෙස් රාජ්‍ය නායකයන්ට හඳුන් වා දී ඇත්තේ ප්‍රාතිහාර්යයේ ඖෂධයක් ලෙසයි.

ඖෂධයේ සායනික අත්හදාබැලීම් සඳහා සහාය වීමට ග්‍රීසිය කැමැත්ත පළ කර ඇති බවයි වැඩිදුරටත් එම මාධ්‍ය වාර්තා කියා සිටියේ.