දින 100කට පසු ඇමෙරිකානු සාමාන්‍ය දෛනික ආසාදන ලක්ෂයට අඩු අගයක් ගනියි

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, දින 100 කට පසු ප්‍රථම වතාවට එක්සත් ජනපදය සාමාන්‍යයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 100,000කට වඩා අඩු අගයක් වාර්තා කර තිබේ.

එම විශ්වවිද්‍යාල දත්තවලට අනුව ඇමෙරිකාවේ පසුගිය දින 7ක සාමාන්‍ය දෛනික නව ආසාදන සංඛ්‍යාව 96,609කි. මේ ආකාරයෙන් අවසන් වරට එරට සාමාන්‍ය දෛනික ආසාදන සංඛ්‍යාව 100,000කට වඩා අඩු අගයක් ගෙන තිබුණේ, පසුගිය 2020 වසරේ නොවැම්බර් 3 වැනි දින හෙවත්, පසුගිය ජනාධිපතිවරණ දිනයේදීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව පසුගිය නොවැම්බර් 3 වැනි දින එක්සත් ජනපදයේ දෛනිකව සාමාන්‍යයෙන් 925ක් මිය ගිය අතර, මේ වනවිට එක්සත් ජනපදය දෛනිකව සාමාන්‍යයෙන් මරණ 3,024ක් වාර්තා වෙයි. එය නොවැම්බර් මාසයේ සිට දෛනික මරණ 200%කට වඩා වැඩිවීමකි.

ඒ අනුව එම දින 100 තුළ එනම්, 2020 නොවැම්බර් 3දා සිට 2021 පෙබරවාරි 12දා දක්වා  කාලයේදී, එක්සත් ජනපදය නව කොවිඩ්-19 ආසාදිතයන් 18,141,364ක් සහ මරණ 248,148ක් වාර්තා කළ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.