කටුනායක යළිත් කොරෝනා
කටුනායක ප්‍රදේශය තුළ 02/14 ද කොරෝනා වෛරසය ආසාදිතවූවන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ යළිත් කොරෝනා වෛරස ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන අතර , 02/14 දින මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 02 කින් , ඒවායේ සේවය කරන 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
එම තත්වය නිසා මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50 ක සේවය කරන සේවකයින් 809 දෙනෙකු මෙම වෛරසය ආසාදනය වීමට ලක් වී තිබේ.
එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද 02/14 දින තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති අතර , එනිසා මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 812 දෙනෙකු වාර්තා වී තිබේ .
එමෙන්ම කටුනායක ප්‍රදේශයට සමීප මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 02/14 ද කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙකු සොයාගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 772 දෙනෙකු වාර්තා වී තිබේ .
එසේම මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 02/14 ද කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් සොයාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1,391 කි.
එම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කය තුළ , එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක් තුළින් වාර්තා වී ඇති වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ .
එසේම 02/14 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ සමස්ථ ශ්‍රී ලංකාව තුළින් කොරෝනා වෛරසය ආසාදනය වු 796 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා සමස්ථ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 74,852 දක්වා ඉහළ ගොස් ඇති අතර , මෙම රෝගී තත්වය නිසා මරණයට පත් වූ සංඛ්‍යාව 390 ක් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවේ සදහන් වේ .