මගුල් අවමඟුල් විතරයි වෙන මුකුත්ම බෑ – නීති කඩ කළොත් නඩු

නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තිය සමග අනවශ්‍ය උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

දැනට අවසර ලබා දී ඇත්තේ විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා පමණක් බවද ඔහු සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම උත්සව හැරුණු කොට වෙනත් කිසිදු උත්සවයකට අවසර ලබා නොදෙන බවත්, එවැනි උත්සව පැවැත්වීම සඳහා අවසර ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට නොපැමිණෙන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

එසේම මුහුණු ආවරණ නොපලඳින සහ සෞඛ්‍ය නීති රීති කඩ කරන සියලු දෙනාට නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Lockdown නොකලොත් ව්‍යසනයක් වේවි – PHI සංගමය

යම් ප්‍රමාණයකින් හෝ රට වසා තබමින් ජනතාවගේ සංචරණය සීමා නොකළහොත් ඉදිරි කාළයේදී කොරෝනා වසංගතයෙන් දැඩි ව්‍යසනයකට රට මුහුණදීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

බි‍්‍රතාන්‍යයෙන් හමුවූ කොරෝනා වෛරසයේ නව ප්‍රබේදය ආසාදනයවූ රෝගීන් මෙරටින් වාර්තාවීමත් සමග දැඩි අවදානමකට රට මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියි.