ලංකාවේ පළමු කාන්තා DIG ගේ උසස්වීමට එරෙහිව SSPලා 32ක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස ඉකුත් දා උසස් වීම් ලද බිම්ශානී ජාසින් ආරච්චි මහත්මියගේ උසස්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මැයි මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
මෙම පෙත්සම අද (16) මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
සම්මත උසස් වීම් පටිපාටියට පටහැනි ආකාරයට මෙම උසස් වීම සිදුකර ඇති බැවින් එය නීතිවිරෝධී බවට තීන්දුකරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු විසින්.