හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දන්වයි

හිජාස් හිස්බුල්ලා අදාළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා, පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත උපදෙස් ලබාදී තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නීතීඥ නිශාරා ජයරත්න.