ලීසිං කොම්පැනිවලට වාහන උස්සන්න බෑ – නඩු දාන්න පුළුවන්
නෛතික ප්‍රතිපාදනයන්ට අනුව අදාළ වාහනය හිමිකරු සන්තකයෙන් ලබාගැනීමට බදු දීමනාකරුට හැකියාව ලැබෙන්නේ එම තැනැත්තාගේ ප්රතිවිරෝධයක් නොමැති නම් පමණක් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එලෙස අදාල වාහනය හිමිකරු සන්තකයෙන් ලබාගැනීමේදී බදු දීමනාකරුට ප්රතිරෝවිරෝධයක් එල්ලවන විට බදු දීමනාකරු විසින් සිදුකළ යුත්තේ පනතේ ප්‍රතිපාදනවලට අනුව දිසා අධිකරණය හමුවේ නඩුවක් පැවරීම බව පොලිස් මූලස්ථානය විසින් අවධාරණය කරයි.
පොලිසියේ කාර්යය භාරය
ලීසිං සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන්ගේ කාර්යය භාරය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් උසස් පොලිස් නිලධාරීන්ව ලිපි මගින් දැනුවත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්යක්ෂවරුන්, ප්‍රාදේශීය කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් මෙලෙස දැනුවත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව කල්බදු මූල්‍යකරණ පනත යටතේ අදාල වාහනය හිමිකරු සන්තකයෙන් ලබාගැනීමේදී බදු දීමනාකරු විසින් එම ප්‍රදේශයේ පොලිස් ස්ථානය භාර නිලධාරියා වෙත පෙර දැනුම්දීමක් සිදුකළ යුතු වේ.
එලෙස බදු දීමනාකරු හෝ බලය පැවරුනු නියෝජිතයා විසින් පොලිස් ස්ථානය වෙත දැනුම්දීමක් සිදුකිරීමේදී තොරතුරු සටහන් පොතෙහි එම ප්‍රකාශය සටහන් කිරීම හෝ ලිඛිත ප්‍රකාශයක් නම් එය තොරතුරු පොතේ ඇලවීමට අදාළ පොලිස් නිළධාරියා විසින් කටයුතු කළ යුතුව ඇත.