ඉම්රාන් ඛාන් මහතා 2021 පෙබරවාරි 23-24 දිනවල දී ශ්‍රී ලංකාවේ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා 2021 පෙබරවාරි 23-24 දිනවල දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ඔහු, සිය සංචාරයේ දී මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගී වන අතර, ව්‍යාපාර හා ආයෝජන සංසදයක් මෙන්ම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද සැලසුම් කොට ඇත.
අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන නිල සාකච්ඡාවලින් අනතුරුව පෙබරවාරි 23දා දෙරට අග්‍රාමාත්‍යවරුන් එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ ගෙන එන ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ උත්සවයක මුලසුන හොබවනු ඇත.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් මේ වසරේ සිදුකරන පළමු විදෙස් සංචාරය වන මෙය සංචාරයේ දී පාකිස්තානයේ ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද ඒ සමඟ එක්වෙයි.
පකිස්කානු අග්‍රාමාත්‍යවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මැතිතුමා, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඩ් මහතා, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඩ් මහතා සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වනු ඇත.