කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (20) කොළඹ සහ අවට ප්‍රදේශ රැසක පැය 16ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර එළඹෙන ඉරිදා පෙරවරු 8.30 සිට පස්වරු 7.00 දක්වා පැය දහයාමාරක කාලයක් කළුතර සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, දකුණ කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝඹුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම, දර්ගානගර්, කළුවාමෝදර සහ මොරගොල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.