අන්තවාදී සංවිධාන 43ක් තහනම් වෙයි!
අන්තවාදී සංවිධාන හතළිස් තුනක් තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
එම සංවිධාන අතරට සමස්ත ලංකා සලෆි කවුන්සලය, ශ්රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත් ඇතුළු සංවිධාන ගණනාවක්ම ඇතැයි ද පැවසේ.
බුද්ධි අංශ මගින් ලබාදී ඇති තොරතුරු සහ වාර්තා පදනම් කරගනිමින් මෙම තහනම් කිරීම් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.
එම සංවිධාන පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂක අංශ සිය අවධානය යොමුකර ඇති අතර ඒ මඟින් සිදුවන අන්තවාදී ඉගැන්වීම් සහ මතවාද ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව ඒ මගින් පෙන්වා දී තිබේ.
මූලාශ්රය – ඉරිදා දිවයින