සෞඛ්‍ය බළධාරීන්ගේ නිර්දේශ මත කොරෝනා මරණ භූමදානය කළ හැකියි – මහින්ද යළි කියයි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදෙන බවට තමන් සිදුකළ ප්‍රකාශය හිතුමතේ කළ එකක් නොව සෞඛ්‍ය බළධාරීන්ගේ නිර්දේශ සලකා බලා සිදුකළ එකක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සතිඅන්ත පුවත්පතක් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ ආචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් මගින් කොවිඩ් මළසිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව නිර්දේශ කර තිබිණි. ඒ සඳහා අනුගමනය කළයුතු නිර්දේශ 09 ක් ද ඉදිරිපත් කර තිබිණි. අගමැතිවරයා පවසන්නේ මෙම කමිටුවේ නිර්දේශ තම ප්‍රකාශයට පදනම් කර ගත් බවයි.
කෙසේ නමුත් කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදෙන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයෙන් පසු පොදුජන පෙරමුණ අවධාරණය කළේ අගමැතිවරයා ප්‍රකාශ කළේ සාමාන්‍ය මළසිරුරු පිළිබඳව මිස කොවිඩ් මළසිරුරු පිළිබඳව නොවන බවයි.