ඉතාලියේදී කොවිඩ් නිසා ලාංකිකයන් 2ක් මරුට

ඉතාලියේ , ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් දින 2 ක් තුළ කොවිඩ් 19 රෝගය වැළඳි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මිලාන් නුවර ජීවත් වු වසන්ත ප්‍රියංකර (52) නැමති තිදරු පියෙක් හා රෝම් නුවර ජීවත් වු අජිත් සිසිර කුමාර (57) නැමති අයෙකි.

අජිත් සිසිර කුමාර මහතා ලංකාවේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර කොවිඩ් රෝග ලක්ෂණ තහවුරු වීම හේතුවෙන් රෝහල් ගත කර එහි දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් 18 දා මියගොස් තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වසන්ත ප්‍රියංකර මහතා ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර කොවිඩ් 19 ධනාත්මක වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුතු 20දා මියගොස් තිබේ.

මෙම දෙදෙනාම වසර 20 ට අධික කාලයක් ඉතාලියේ රැකියා කරමින් ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සමග ජිවත් වෙමින් සිට ඇත.