කේට් වින්සිල්ට්ගේ අත්දැකිම්

‘ටයිටැනික්’ චිත්‍රපටය හරහා සිනමා ලෝලීන්ගේ  ආදරයට පාත්‍ර වූ කේට් වින්සිල්ට් තවමත් හොලිවුඩ් සිනමාව තුළ සිටින සුපිරි තාරකාවකි. ඇය මෑතකදී ප්‍රකට හොලිවුඩ් සිනමාකරු ජේම්ස් කැමරන්ගේ ‘ඇවටර්’ දෙවැනි චිත්‍රපටය සඳහා එක්වූ අතර, එහි සිදුවු රසවත් සිදුවීමක් පිළිබඳව කේට් මෑතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ පවසා තිබුණි.

එක්තරා දර්ශනයක් තියෙනවා ටිකක් වතුර වැඩි ගැඹුරු ස්ථානයක රූපගත කරන්න. මම ටිකක් බයෙන් තමයි ඒ දර්ශනයට මුහුණ දුන්නේ. පිහිනන්න දක්ෂයෙක් වුණත් මට ඒ ගැඹුරු ස්ථානයේදී දර්ශනයට අවශ්‍යය විදිහට හරියට රැඳෙන්න බැහැ. දියෙහි ගිළෙන කොටම ආරක්ෂයින් ඇවිල්ලා මාව බේරගත්තා. මම නම් හිතුවේ එදා නම් මගේ ජීවිතේ අහිමිවුණා කියලා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!