චීනයේ සහාය ශ්‍රී ලංකාවට …

මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී චීනය සිය ප්‍රභල සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ප්‍රකාශ කළේය.

පෙබරවාරි 25 වන දින ජිනීවාහි චීන තානාපති චෙන් ෂු මහතා සිය නිල ප්‍රකාශය කරමින් මෙසේ ශ්‍රී ලංකාවට සිය සහාය ලබාදෙන බව ප්‍රකාශ කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ආරම්භ කිරීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින් පිං වෙත ලිපියක් යවමින් යෝජනාව සම්බන්ධයෙන් චීනයේ අවබෝධය සහ සහාය ඉල්ලා සිටියා.

පෙබරවාරි 24 වන දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යීට දුරකථන ඇමතුමක් ලබා දෙමින් අඛණ්ඩ සහයෝගීතාවය සහ සහයෝගය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා, ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්යේ අරමුණු සහ මූලධර්ම වෙනත් රටවලට මැදිහත් නොවීම ඇතුළුව ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එකිනෙකාට සහයෝගය දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව වැන්ග් යී නැවත අවධාරණය කළේය.