වාහන ආනයනකරුවන්ගෙන් ජනපතිට ඉල්ලීමක්
මෙරට විදේශ විනිමය පිටතට ගලා යෑම අවම කරමින් වාහන ආනයනය කිරීමේ කර්මාන්තය පවත්වා ගැනීමේ සැලැස්මක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ පිළිබඳව කරුණු දැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් සාකච්ඡාවක් අපේක්ෂා කරන බව එම සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
පසුගිය වසරේ මාර්තු 19 වැනිදා සිට මෙරටට වාහන ආනයනය කිරීම මුළුමනින්ම අත්හිටුවීමට රජය තීරණය කරනු ලැබුවා.
ඒ හේතුවෙන් ක්ෂේත්රයේ සේවයේ නිරත ලක්ෂයකට පමණ රැකියා අහිමි වන අතර, ඔවුන් වෙතින් යැපෙන හාරලක්ෂයක පමණ පිරිසක් පීඩාවට ලක්ව ඇති බවයි වාහන ආනයනකරුවන් පවසන්නේ.
මාසිකව මෙරට වාහන සඳහා ඉල්ලුම ඒකක 2500 ක් පමණ වන අතර, එය සපුරාලීමට වාහන එකලස් කිරීම පිලියමක් නොවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කළා.