ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහැර වීථි සංචාරය කෙරේ

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වැනි  නවම් මහා පෙරහැර ඉතා අලංකාරවත් ලෙස ඊයේ (26) රාත්‍රියේ වීථි සංචාරය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සධාතුක කරඬුව හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබීය.

එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක්ද එක්ව සිටියේය.

උඩරට, පහතරට, සබරගමු නර්ථනාංග රැසකින් මෙන්ම අලි ඇතුන්ගේ ද සහභාගීත්වය මෙවරත් නවම් මහා පෙරහැර අලංකාරවත් කර තිබුණි.

පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධික්ෂණය යටතේ පෙරහැර සංවිධානය කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

රට පුරා පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙවර පෙරහැර සංවිධානය කර තිබුණි.