මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්
මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ, බන්ධනාගාරයේ ඔහුට අයත් ලාච්චුවක් තුළ තිබී ජංගම දුරකථන පහක් සොයාගැනීමත් සමඟයි.
මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකථන තොගය සොයාගැනුනා.
32 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම නියාමකවරයාට අදාළ ජංගම දුරකථන ලැබුණු ආකාරය තහවුරු කරගැනීමට නොහැකිවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ.