මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ බස් රියදුරු රාජකාරියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි  බස් රථ රියදුරන් ලෙස සේවය කරනු ලබනවා.

ඒ, මෙල්බන් නගරයේ ප්‍රංශ සමාගමකට අයත් ට්‍රාන්ස්දේව් නම් ආයතනය සමඟ එක්වෙමින්.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කළ රන්දිව් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 31 ක් සහ පන්දු වාර විස්ස තරග හතක් නියෝජනය කළ අතර, එහිදී කඩුලු 86 ක් බිඳ හෙලීමට සමත්ව තිබෙනවා.

චින්තක ජයසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග පහකට පමණයි.

බස් රථ රියදුරන් ලෙස සේවය කළද සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහගේ බලාපොරොත්තුව වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් පන්දු වාර  විස්ස ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමයි.