පාස්කු කොමිසමේ සම්පූර්ණ වාර්තාව මැති සබයට ලැබී නැහැ
පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකර හෝ වරදකරුවන්ට මරණීය දණ්ඩණය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පාර්ලිමේන්තුවට ලැබී නොමැති බවයි.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද අදාළ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ වනවිට එම වාර්තාවට අයිතිකරුවෙකු නොමැති තත්වයක් උදාවී ඇති බවයි.