කොළඹ අගරදගුරු පදවියෙන් කළු ඉරිදාවක්
පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු වී නොමැති බව පවසමින් කොළඹ අගරදගුරු පදවිය විසින් ලබන 7 වන ඉරිදා කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ප්‍රහාරයෙන් මිය ගිය සියළුම ජීවිත සහ විපතට පත් සියළු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය දැක්වීමක් ලෙසයි මෙලෙස කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ.
කතෝලික ජනතාව එදිනට කළු පැහැති ඇඳුමෙන් දිව්‍ය පූජාවට සහභාගි වීමට නියමිත බව කොළඹ අගරදගුරු පදවිය සඳහන් කළා.
මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සකස් කළ වාර්තාව අසම්පූර්ණ බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පිරිසක් අද පෙරවරුවේ අස්ගිරි මහාවිහාරයට පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදියි.