අභිෂේක් අග්‍රා හිරගෙදරට
කාලයක් තිස්සේ බොලිවුඩ් සිනමාව තුළ එතරම් දකින්නට නොලැබෙන සිනමා නළුවෙකු වන අභිෂේක් බච්චන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් මේ දිනවල රූපගත කරමින් පවතියි. ඒ දිනේෂ් විජාන්ගේ ‘දස්වි’ චිත්‍රපටය සඳහාය.
මෙම චිත්‍රපටයේ එන ‘ගංගාරාම් චෞද්රි’ නම් මැරවරයාගේ චරිතය අභිෂේක් නිරූපණය කරන අතර, චිත්‍රපටයේ රූපගත කිරිම් මේ දිනවල අග්‍රා හි මධ්‍යයම බන්ධනාගාරයේ සිදු කරමින් පවතියි. යමී ගෞතම් මෙහි පොලිස් පරික්ෂක ජෝති දේශ්වාල්ගේ චරිතය නිරූපණය කරනු ලබයි.