පාස්කු කොමිෂන් වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිට
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සාක්ෂි සටහන් ඇතුළත් වෙළුම් 65ක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයාට ලබා දී තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටියේ, තවත් වෙළුම් 22ක් සංවේදී සාක්ෂි සටහන් ඇති බැවින් නීතිපතිවරයාට ලබාදී නොමැති බවය.
එම සටහන් ජාතික ආරක්ෂාවට බලපාන සඳහන් කරමින් එවැනි තීරණයක් ගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.