සාපෙළට සම්බන්ධ සිදුවීම් දෙකක්
මුලතිව් විභාග මධ්‍යස්ථානයකදී විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි අන් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවුරුදු 27ක පුද්ගලයෙකි.
මීට අමතරව කැකිරාව, මඩාටුගම විභාග මධ්‍යස්ථානය අසළදී විභාග අපේක්ෂකයෙකුට පහර දුන් සිසුන් තිදෙනෙක් කැකිරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාල ලැබූ සිසුවා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.