හිස නැති කාන්තා මළ සිරුර වේල්ලවීදියට ගෙනා පොලිස් SI ගේ සිරුර හමුවෙයි

වේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවීදිය මාර්ගයට හිස නැති කාන්තා මළ සිරුරක් රැගෙන හා සැකකරුගේ සිරුර බඩල්කුඹුර ඔහුගේ නිවස ආසන්නයේ කැලෑවක තිබි සොයාගත් බව පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය ලක්ව තිබුණේ කුරුවිට පදිංචිව සිටි අවුරුදු 30ක තරුණියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අපරාධය සිදුකර තිබුණේ බුත්තල පොලිස් ස්ථානයට අනියුක්ත 52 හැවැරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

“ඔහු ඊයේ තම නිවසින් පළා ගොස් තිබුණා” පොලිස් කණ්ඩායම් එම නිවස වැටලීමට යාමේදී. කෙසේ වෙතත් අද උදෑසන සෝදිසි මෙහෙයුම් කළ පොලිස් කණ්ඩායම්වලට ඔහුගේ සිරුර හමුවී තිබෙනවා.

සිරුර හමුවී තිබෙන්නේ බඩල්කුඹුර ඔහුගේ නිවස අසළ කැලෑවක තිබී. වස කුප්පියක් ඔහුගේ සිරුර අසළ තිබෙනවා. සිරුර ගසක එල්ලමින් පවතිනවා. වස පානය කර සියදිවි හානිකරගෙන ඇතැයි සැකකරනවා. බුත්තල පොලීසිය තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරනවා”

පොලිස් SI බුත්තල පොලීසියේ සේවය කල තැනැත්තෙක් බව හදුනාගෙන ඇත.