ජර්මනියේ අගුලු දැමීම් මාර්තු 28 දක්වා දීර්ඝ කරනු ඇතිලු
ජර්මනියේ කොරෝනා වෛරසය ආශ්‍රිත සීමාවන්හි ලබන සතියේ සිට යම් ලිහිල් කිරීමක් සිදුවුවත්, දැනට පවතින අගුලු දැමීම් තත්ත්වය මාර්තු මස 28දා දක්වා දීර්ඝ කිරීමට අදහස් කරන බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් පවසා තිබේ.
සීමා ලිහිල් කෙරෙන නව කෙටුම්පතට අනුව වැඩිහිටියන් පස් දෙනෙකු නොඉක්මවන පවුල් දෙකක් අතර පෞද්ගලික හමුවීම් සඳහා නැවත මාර්තු 8දා සිට අවසර දෙනු ලැබේ.
ඒ අනුව මෙම කෙටුම්පත සඳහා ජර්මනියේ කලාපීය මහ ඇමතිවරුන් 16 දෙනාගේ එකඟතාව බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් බදාදා මර්කෙල් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.