කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් තවත් අසාදිතයන් 16ක්

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (03) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමු වු බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.

ඉකුත් (01) දින පෙර අසාදිතයන් 12 දෙනෙකුගේ ළගම ආශ්‍රිතයන් 164 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව (03) දින ලැබුණු බවත්,එම පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ ප්‍රධාන පාසල් හතරක ගුරුවරුන් 05 දෙනෙකු සහ සිසු සිසුවියන් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත්, සෙසු අසාදිතයන් සිව්දෙනා වතු ආශ්‍රිත පදිංචිකරුවන් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නව අසාදිතයන් 16 දෙනාගේ ළගම ආශ්‍රිතයන් හදුනාගෙන එම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය  පරික්ෂවරයා පැවසිය.