අයිස්ලන්තයට පසුගිය සතියේ භූමිකම්පා 17,000ක් බලපාලා
අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලයට අනුව, පසුගිය සතිය තුළ භූමිකම්පා 17,000 ක් පමණ නිරිතදිග රේක්ජන්ස් ප්‍රදේශයට බලපා ඇති අතර, එය ඉඳහිට ඇති වන කම්පනයට හුරුවී ඇති ගිනිකඳු දූපතක් වුවද මෙය අයිස්ලන්තයට අසාමාන්‍ය සතියක් බව අවධාරණය කරයි.
රික්ටර් පරිමාණ 5.6ක විශාලත්වයකින් යුතු විශාලතම භූමිකම්පාව පෙබරවාරි 24දා උදෑසන සිදුව තිබේ. එය අසල පිහිටි අගනුවර වන රේක්ජවික් සහ ඒ අවට නගරවල පදිංචිකරුවන්ට දැනී ඇත. මීට අමතව, රික්ටර් පරිමාණ 5.0කට වඩා විශාල භූමිකම්පා පෙබරවාරි 27 සහ මාර්තු 01 යන දිනවලද ඇති වූ බව කියයි.
අයිස්ලන්තයේ මාර්ග හා වෙරළ පරිපාලනය විසින් ප්‍රදේශයේ මාර්ගවල කුඩා ඉරිතැලීම් සහ බෑවුම් සහිත ප්‍රදේශවල ගල් කඩා වැටීම් වාර්තා කර ඇතත් මේ වනවිට භූමිකම්පාවලින් වාර්තා වන දේපළ හානි ඉතා සුළු ප්‍රමාණයක් බව කියයි.
“මම මීට පෙර භූමිකම්පා අත්විඳ ඇති නමුත් එක දිගට මෙතරම් විශාල සංඛ්‍යාවක් අත්විඳ නැහැ” යැයි රේක්ජාවික් හි පදිංචිකරුවෙකු වන අවුර් ඇල්ෆා පැවසීය. “සතියක් මුළුල්ලේම පැය 24 පුරාම පොළොව සෙලවෙන බවක් දැනීම ඉතා අසාමාන්‍ය දෙයක්. එමගින් සොබාදහමට එරෙහිව ඔබ ඉතා කුඩාවටත්, බලරහිත අයෙකු හැටියටත් හොඳටම වැටෙහනවා.”