දරුවන් නිසා දෙවැනි විවාහයක් ගැන නොසිතින රිතික්
මේ වනවිට නිතීයෙන් දික්කසාද වි සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් මීට දින කිහිපයකට පෙර ‘ෆිල්ම් ෆෙයාර්’ සිනමා සඟරාව සමග එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ තමන් නැවත වරක් විවාහයක් ගැන නොසිතන බවය.
මීට වසර තුනකට පෙර හිටපු බිරිඳ සූසෑන් ඛාන්ගෙන් වෙන්වූ රිතික් තවමද සූසැන් සමගින් සමිප සම්බන්ධතා පවත්වමින් සිටියි. පසුගිය කාලයේ ‘කොවිඩ්’ වසංගතය නිසාවෙන් මුළු ඉන්දියාවම වසා දැමුණ මොහොතේදී රිතික් සිය බිරිඳ සුසෑන් හා දරුවන් සමගින් එකම නිවසකට කාලය ගත කරනු ලැබීය. මෙම සම්මුඛ සකාච්ඡාවේදි රිතික් වැඩිදුරටත් පවසා සිටියේ තමා අපේක්ෂාවෙන් සිටි ජිවීතයක් මේ වනවිට තමන් ගෙවමින් සිටින බවය.