කලින් දැන සිටි නිසා පාස්කු ප්‍රහාරයට පූජිත් සහ හේමසිරි වගකිව යුතුයි -මෛත්‍රී කොමිසමට කියයි
ප්‍රහාරයක් එල්ල වන බව දැන සිටිය බැවින් පාස්කු ප්‍රහාරයට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වගකිව යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (05 දා) පැවසීය.
එම කොමිසම හමුවේ පැය 5 කට අධික කාලයක් පුරා සාක්ෂි ලබාදුන් හිටපු ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ 2019 අපේ‍්‍රල් 14 වැනි දින අලූත් අවුරුද්ද සඳහා ඔවුන් තම නිවසට පැමිණ දිවා ආහාරය පවා ලබාගෙන ගියත් එම අවස්ථාවේදී මෙබඳු ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරු පිළිබඳව කිසිදු සඳහනක් නොකළ බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ තමා විදේශගතවීමට අපේ‍්‍රල් 16 වැනිදා ගුවන්යානයට ගොඩ වී සිටියදී ඒ තුළට පැමිණ තමා සමග කතාකර තමාට ආචාර කර ගියත් පොලිස්පතිවරයා ප්‍රහාරයක් එල්ල වන බවට ලැබී තිබුණ තොරතුරු පිළිබඳව කිසිදු සඳහනක් නොකළ බවයි.
මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, ජනාධිපතිවරයා සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ අධ්යක්ෂවරයා අතර පිය – පුතු වැනි සම්බන්ධතාවක් පැවති බව ප්‍රකාශ කළ අතර රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් හිටපු ජනාධිපතිතුමාගෙන් ඒ පිළිබඳව විමසන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ පියා සහ පුතා අතර මෙන් සම්බන්ධතාවක් තමන්ට තිබුණේ හේමසිරි ප්‍රනාන්දු සමග බවයි. එම නිසා ඔහු ආරක්ෂක ලේකම් ධුරයට පත් කළ බව ද හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.
එරික් ගාමිණී ජිනප්‍රිය
ඡායාරූපය – තුෂාර අතපත්තු
diwaina