78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ
78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සිනමා – ටෙලිවිෂන් සම්මාන උලෙළ පසුගිය පෙබරවාරි 28 වැනිදා කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ටන්හිදී සහ නිව්යෝර්ක් නගරයේ රේන්බෝ රූම්හිදි පැවැත් විණි. කොවිඩ් 19 වසංගතය සිනමාවට සහ රූපවාහිනී නිෂ්පාදනයට ඇති කළ බලපෑම හේතුවෙන් 2020 ජුනි මාසය වන විට උත්සවය සාමාන්‍යයෙන් පැවැත්වෙන ජනවාරි 06 වැනිදා සිට පෙබරවාරි 28 දක්වා කල් දැමීමට තීරණය කරන ලදී.
මෙවර සම්මාන ප්රදානෝත්සවය මෙහෙයවනු ලැබූයේ, අමෙරිකානු නිළියන් දෙදෙනෙකු වන ටී ෆේ සහ ඇමී පොහෙලර් විසිනි.
ඔවුන් එය මෙහෙයවනු ලැබූවේ සිව්වැනි වතාවටයි. කොරෝනා වසංගතයේ බලපෑම් හේතුවෙන් දුරස්ථව මෙම සම්මාන උලෙළ පැවැත්වූ අතර ටීනා ෆේ නිව් යෝර්ක් නගරයේ රේන්බෝ රූම්හි සිට මෙහෙයවීමට දායක වූ අතර ඇමී පොහලර් විසින් කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස් හි බෙවර්ලි හිල්ටන් හි සිට උත්සවය මෙහෙයවනු ලැබීය. සම්මාන වෙනුවෙන් නාමයෝජනා ලැබූවෝ නිවෙස්වල සහ හෝටල් කාමරවල සිට වීඩියෝ සම්මන්ත්රණ ඔස්සේ උලෙළ සමඟ සම්බන්ධ වූහ.
මෙවර චිත්‍රපට අංශයේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි වූයේ චැඩ්වික් බොස්මන් වෙතටයි. බ්ලැක් පැන්තර් චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත් අමෙරිකානු නළු චැඩ්වික් බොස්මන් පසුගිය අගෝස්තු මස මෙලොවින් සමු ගෙන ගියේ පිළිකාවක් හේතුවෙනි. ඔහුට හිමි සම්මානය පිළිගනිමින් ඔහුගේ බිරිය පවසා සිටියේ ඔහු සිටියා නම් අද සුන්දර යමක් පවසනු ඇති බවයි.
78 වැනි සම්මාන උළෙලේ විශේෂ ස්ථානයක් දිනා ගැනීමට බ්‍රිතාන්‍ය තරු සමත් වූ අතර රූපවාහිනී අංශයේ නාටකීය කතාමාලාවේ හොඳම නළුවා සහ නිළිය ලෙස චාල්ස් කුමරු සහ ඩයනා ලෙස චරිත මැවූ ජොෂ් ඕ කොනර් සහ එමා කොරින් සම්මාන දිනූහ. මාග්‍රට් තැචර්ගේ චරිත නිරූපණය වෙනුවෙන් හොඳම සහය නිළිය ලෙස සම්මාන දිනූයේ ඇමරිකානු තරුවක් වන ගිලියන් ඇන්ඩර්සන් ය. ක්ලෝයි ෂාවෝ චිත්‍රපට අංශයේ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය දිනාගත් දෙවන කාන්තාව බවට පත් වූයේ හොඳම අධ්‍යක්ෂවරිය ලෙස සම්මාන ලැබූ පළමු ආසියානු කාන්තාව ලෙසින්ද ගෝල්ඩන් ග්ලෝබ් ඉතිහාසයට එක් වෙමිනි.