ප්‍රංශයේ කොවිඩ් යළි හිස ඔසවලා – සීමා දැඩි කරයි
කොවිඩ්-19 ආසාදිතයන් යළි වැඩිවීමක් ප්‍රංශය තුළ දක්නට ඇති බැවින්, සති අන්තයේ අගුළු දැමීමේ පියවර දීර්ඝ කරන බව ප්‍රංශය පවසයි.
රජය යළිත් වටයකට රට පුරා සීමා පැනවීමක් මුලින් ප්‍රතික්ෂේප කර තිබුණද, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාට අනුව තුන්වැනි ජාතික අගුලු දැමීමද මෙම වාතාවරණය තුළ සිදු නොවිය හැකි දෙයක් නොවන බව අවධාරණය කර තිබේ.
ප්‍රංශ රජය පැස්-ඩි-කාලයිස් හි උතුරු කලාපයේ සති අන්තයේ අගුලු දමා තිබේ. කොවිඩ්-19 රෝගීන් දේශීයව උත්සන්න වීම හේතුවෙන් දකුණුදිග නගරය වන නීස් නගරය සහ උතුරු වරාය නගරයක් වන ඩන්කර්ක් සෙනසුරාදා-ඉරිදා අගුලු දැමීමේ පියවරයන් යටතේ පවතින බව කියයි.
සතිපතා කොවිඩ්-19 ප්රවෘත්ති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් පැවසුවේ පසුගිය සති දෙක තුළ වෛරසයේ සංසරණය එරට තුළ යළිත් වේගවත් වී ඇති බවයි.
ජනතාව එන්නත්කරණයත් සමග වඩත් ලිහිල් ප්රතිපත්තියකට පැමිණීම, දැනට පවත්වාගෙන යන මහජන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් වන මුඛ ආවරණ පැලඳීම, දෑත් නිතර සේදීම හා සමාජ දුරස්ථකරණය ආදිය අතපසු කිරීමද මෙම තත්ත්වයට හේතු වී තිබේ.