මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට නිවෙස් වලම ඉන්නැයි රජය කියයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සියලුම සේවයක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුමදෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වේ.

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් යුදහමුදා විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙනයාමට කටයුකු කරන අතර, ඒ සඳහා සියලුමදෙනා සූදානම් විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වසින් කුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.

අද ප.ව. 2.00 වන විට දිවුලපිටිය කොවිඩ් 19 පොකුර 567ක් දක්වා වර්ධනය වී තිබුණි.

BrandixAnnoucement1 670px 20 10 06

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!