කොවිඩ් එන්නත ලබාගෙන පැය 48කට වැඩි කාලයක් උණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න
ඇස්ට්රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන පැය 48කට වැඩි කාලයක් උණ පවතින්නේ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
“සාමාන්‍යයෙන් පැය 48ක්, දවස් 2ක් ඇතුළත මේ උණ අඩු වෙන නිසා ඉන් පසුවත් උණ තිබුණොත් ඒක නොසලකා හරින්න එපා. හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මොකද ඒකට හේතුව අපි කවුරුත් දන්නාව මේ මොහොතේ ඩෙංගු රෝගය ලංකාවෙ තියෙනවා. ඒ නිසා එවැනි රෝගයක් වෙන්න බැරිකමක් නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.