‘කළු ඉරිදා’ විරෝධයට ජාතික ජනබලවේගයේ සහාය

පාස්කු ප්‍රහාරය පිටුපස සැඟව සිටින මහ මොළකරුවන් හා වැරැදිකරුවන් කවුරුන්දැයි හෙළි කර ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් අදාළ ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය කතෝලික සභාව 7 වන දා දියත් කරන කළු ඉරිදාවට ජාතික ජන බලවේගයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් එම පක්ෂය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“පාස්කු ප්‍රහාරය එල්ල වූ 2019 අප්‍රේල් 21 වන දා කිසිවෙකුට අමතක කළ නොහැකියි. මෙම ප්‍රහාරයෙන් අහිංසකයෝ තුන්සියයකට ආසන්න පිරිසක් මියගියහ. තවත් පන්සියයක් පමණ දෙනා තුවාල ලැබූ අතර ඇතැමුන් සදාකාලික අබ්බගාතයන් බවට පත්විණි.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මේ වන විට නිකුත් වී ඇත. නමුත් වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවන බව පොදු අදහසයි. පාස්කු කොමිසමේ වාර්තාව ද ප්‍රහේළිකාවක්. එයින් ප්‍රශ්න මතු කරනවා විනා ප්‍රහේළිකාව විසඳා නැති බව විවිධ පාර්ශ්ව නඟන මැසිවිල්ලයි. කොමිෂන් සභා වාර්තා යටගැසීම  තුළ එහි වැරදිකරුවන් හා මහා මොළකරුවන්ද දේශපාලන බලය වෙනුවෙන් අන්තවාදය පාවිච්චි කළ අයද සැඟවී නොපෙනී යන බවක් පෙනේ.

එනිසා මෙම ප්‍රහාරය පිටුපස සැඟව සිටින මහ මොළකරු හෝ මොළකරුවන් හා වැරදිකරුවන් හෙළිදරව් කර වින්දිතයන්ට සාධාරණය-යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවටත් නීති අංශවලටත් බලකර සිටිමු.