”අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට යළි ඉල්ලීම් එපා”
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට 2021 වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කිරීම 2021 පෙබරවාරි 28 වන දායින් අවසන් කර තිබේ.
ඒ හේතුවෙන් කිසිදු ඇතුළත් කිරීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණීම හෝ බාහිර පුද්ගලයන් මගින් බලපෑම් සිදුකිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් දැනුම් දෙයි.