කොවිඩ් මළසිරුරු භූමදානය ඇරඹෙයි
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය කිරීම මේ දක්වා සිදු කෙරුණු අතර අද සිට මළසිරුරු භූමදානය කිරීමද සිදු කෙරේ. කොවිඩ් හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස දිගින් දිගටම එල්ල වූ බලපෑම් හමුවේ ඒ සඳහා අවස්ථාව ලබාදීමට රජය තීරනය කළේය.
ඒ අනුව අද දිනයේදී පළමුවරට මළසිරුරු දෙකක් භූමදානය කළ බව යුද හමුදාව පවසනවා. එම මළසිරුරු දෙකම මුස්ලිම් ජාතිකයන්ගේ බවයි වාර්තා වන්නේ. ඉදිරි පැය 24 තුළ තවත් මළසිරුරු කිහිපයක් භූමදානය කිරීමට සූදානමින් සිටින බවයි යුද හමුදාව පවසන්නේ.
සෞඛ්‍ය බළධාරීන්ගේ නිරීක්ෂණය මත යුද හමුදාවේ මැදිහත්වීමෙන් මළසිරුරු භූමදානය කිරීමේ කටයුතු සිදු කෙරේ.
මළසිරුරු භූමදානය සඳහා යාපන අර්ධද්වීපයේ ඉරණතිව් දූපත තෝරාගෙන තිබූ නමුත් ඊට මුස්ලිම් ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ මඩකළපුව දිස්ත්‍රික්කයට අයත් ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමියක් මුස්ලිම් ජනතාව වෙනුවෙන් තෝරාගෙන තිබෙනවා.