චීනයෙන් ගෙනා දුම්වැටි රේගුවට හසුවේ
චීනයේ නිෂ්පාදිත රුපියල් 9 කෝටි 816,000ක් පමණ වටිනා දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ.
ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භාවිත කරන පලංචි ලෙස ප්‍රකාශ කරමින්, එම දුම්වැටි තොගය කොළඹ වරායට එවා තිබේ.
චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 06කට අයත් දුම්වැටි 1,513,600ක් එලෙස රේගු නිලධාරීන් භාරයට ගැනුණි.
අඩි 20ක් දිගැති එම බහාලුම ඉකුත් මස 28වනදා කොළඹ වරායට ගෙන්වා තිබුණි.
කොළඹ, ප්‍රධාන පෙළේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යකඩ සහ පලංචි ආනයනය කරන ව්‍යාපාරිකයෙකු විසින් එම දුම්වැටි අඩංගු පලංචි තොගය චීනයේ වෙන්ෂෝ වරායේ සිට ගෙන්වා තිබූ බවට මේ වනවිට අනාවරණය වී තිබේ.
පලංචි දෙපසින් ලෝහ තහඩු යොදා වසා දමා තිබීම නිසා රේගු නිලධාරීන්ට ඒ පිළිබඳ සැක සිතා පරීක්ෂාකර තිබුණි.