ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ කොවිඩ් අවදානමක්
ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ සේවකයින් 10 දෙනෙකු කොවිඩ් -19 වෛරස අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
එම ජලවිදුලි බලාගාර සංකීර්ණයේ සේවකයින් තිදෙනෙකුට මීට පෙර වෛරසය අසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් සෙසු සේවකයින් ඊයේ (05) දින ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.
එහිදී නව ආසාදිතයින් 7 දෙනා හඳුනාගෙන තිබේ.
ඒ අනුව තවත් සේවකයින් 140 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමට පියවරගෙන ඇත.
මේ අතර සේවකයින් 41 දෙනෙකු ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකිර්ණයේ සේවක නිල නිවාසවලම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ නිලධාරියෙකු පැවසිය.