නාසා රෝවරය අඟහරු මත පළමු ධාවනයේ දසුන් ලැබේ

නාසා හි පර්සෙවරන්ස් රෝවරය අඟහරු ග්‍රහයා මත සිය පළමු වැනි ධාවනය සිදුකර ඇති අතර, අඩි 21ක් පමණ ගමන් කර එය ජෙසෙරෝ ආවාටය වඩා කෙටි දුරක්ද ගමන් කර තිබේ.

විනාඩි මිනිත්තු 33ක පළමු වැනි පරීක්ෂණ ධාවනය ඇදහිය නොහැකි තරම් හොඳින් සිදුවූ බව පර්සෙවරන්ස් හි ධාවනයන් පිළිබඳ ඉංජිනේරු ඇනයිස් සාරිෆියන් පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව පර්සෙවරන්ස් රෝවයේ මෙම ධාවන උත්සාහය සිදුවූ ආකාරය විදහා දැක්වෙමින්, අඟහරු පෘෂ්ඨය මත එම රෝවරයේ රෝද සලකුණු දැක්වෙන ආකාරයේ දසුන් පෘථ්විය වෙත එවා තිබේ.

පසුගිය පෙබරවාරි 18 වැනි දින රෝවර් යානය සාර්ථක ලෙස අඟහරුමත ගොඩබෑමෙන් පසු බොහෝ පිරික්සුම් හා සන්ධිස්ථාන වලින් පළමු වැනි ජයග්‍රහණය මෙය බව කියයි.

ඒ අනුව මෙම මෙහෙයුම යටතේ රෝවරය සැබවින්ම අඟහරු ගවේෂණය කිරීම ආරම්භ කළ පසු, එය අඩි 656ක් හෝ ඊට වඩා වැඩි සාමාන්‍ය දුරක් අඟහරු පෘෂ්ඨය මත ගමන් කරනු ඇති බව නාසා පවසයි.