කොවැක්ස් පහසුකම යටතේ හිමිවන පළමු එන්නත් තොගය දිවයිනට
කොවැක්ස් පහසුකම යටතේ හිමිවන පළමු එන්නත් තොගය රැගත් ගුවන්යානය කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.
කොවිඩ් මර්දන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ වෙත එන්නත් තොගය නිල වශයෙන් බාරදුන් බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත 20%ක එන්නත් ප්‍රමාණයෙන් කොටසක් ලෙසටයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් අද දින අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ.
යුනිසෙෆ් ආයතනය මගින් මිළදී ගනු ලැබූ එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා ශ්‍රී ලංකාවට ලබා දෙනවා.
ඒ අනුව ගෙන එනු ලැබූ එහි පළමු කොටස යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් විසින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ වෙත කටුනායක ගුවන්තොටුපොළේදී නිල වශයෙන් බාරදී තිබෙනවා.
කොවැක්ස් පහසුකම හරහා ලැබෙන එන්නත් කොවිඩ් 19 සඳහා අවදානම් ප්‍රදේශවල අවදානම් කාණ්ඩයට අයත්වන වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කලේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවැක්ස් පහසුකම අතර ඇති කරගත් ගිවිසුමේ කොටසක් ලෙස සහ නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලයිස්තුවෙන් බලය පැවරෙන පරිදි මාත්‍රා මිලියන 1.44ක් යුනිසෙෆ් ආයතනය විසින් 2021 මැයි මස අවසානය දක්වා අදියරෙන් අදියර ලබාදෙනු ඇති.