බ්‍රැන්ඩික්ස් පොකුර 832ක් වෙයි

අද (06) ප.ව. 09.40 වන විට දිවුලපිටිය පොකුරෙයෙන් වාර්තා වන කොරෝනාවෛරස් රෝගීන් ගණන 708 සිට තවත් 124කින් 832 දක්වා වැඩි වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මොවුන් සියලුදෙනා අදාල පෞද්ගලික ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයන් වන බවත් ඔවුන් සියලුමදෙනා නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයන් බවත්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අනුව, අද දිනයේදී මේ දක්වා හමුවූ සමස්ථ Covid-19 රෝගීන් ප්‍රමාණය 739ක් වන අතර, එය මේ දක්වා මේ දිනක් තුළදී වාර්තා වූ වැඩිම ප්‍රමාණයයි. මීට පෙර මෙරටින් එක් දිනකදී වැඩියෙන්ම Covid-19 රෝගීන් වාර්තා වූයේ ජූලි 10දා වන අතර, එදින හමුවූ රෝගීන් ගණන 300කි.

වසංගත විද්‍යා අංශය විසින් අද ප.ව. 9.40ට පළ කළ නවතම වාර්තාව අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 4252කි. මේ වන විට රෝගීන් 973 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, සුවය ලැබූ රෝගීන් 3,266 ක්ද වේ. තවද, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 13කි.