නේහාගේ පෙම්වතා නව්සුඩාන්ද?

ජනප්‍රිය සිනමා නිළි නේහා ෂර්මා මේ දිනවල අලුත් චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වී සිටියි. පසුගිය වසරේ අති සාර්ථක වූ ‘ටනාජි’ චිත්‍රපටයේ ඇය අවසන් වරට රංගනයෙන් දායක වූ අතර, ‘ජෝගිරා සාරා’ ඇයගේ අලුත්ම චිත්‍රපටය වෙයි.

මෙහි ඇයගේ සිනමා පෙම්වතා ලෙස පෙනී සිටින්නේ නව්සුඩාන් සිද්ධික් බව වාර්තා වෙයි. ඔවුන් දෙදෙනා චිත්‍රපටයක පෙනී සිටින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටය සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නක්ද වෙයි.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!