කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ
කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 359 දෙනෙකු ඊයේ (07) දිනය තුළ හඳුනාගෙන තිබේ.
එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 22 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ය.
ඉතිරි පුද්ගලයින් 337 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනඅතර, ඒ ආසාදිතයින් 77ක් ලෙසය.
ඊට අමතරව, කොළඹ දිස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 74 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 ක් වාර්තා වී තිබේ.
අනෙක් ආසාදිතයින් 152 දෙනා දිවයිනේ සෙසු දිස්ත්රිපක්ක වලින් වාර්තා වේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 85,695 ක් වන අතර ඉන් පුද්ගලයින් 82,059 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.
රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,134 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.
කොවිඩ් – 19 ආසාදිතව මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව ද 502 ක් දක්වා ඉහළගොස් ඇත.