එතනෝල් තොගයක් රේගු අත්අඩංගුවට

කාර්මික රසායනික ද්‍රව්‍ය බවට ප්‍රකාශ කරමින් ආනයනය කළ රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර තොගයක් අඩංගු බහාලුමක් රේගු මධ්‍යම විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම බහාලුම ඉකුත් 2020 වසරේ අගෝස්තු මස 09 දින කොළඹ, රාජගිරිය ප්‍රදේශයේ පිහිටි, 2016 වසරේ සිට ව්‍යාපාරික කටයුතු වලින් ඉවත් වී සිටින ආනයනය සමාගමක නමට සිංගප්පූරුවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රේගු නිලධාරීන් මෙම බහාලුම නිශ්කාශනය කරගැනීම පිළිබඳව මෙම ආනයන සමාගම වෙත ලිපි මගින් දැනුම් දීම් සිදු කළ ද, ඒවාට ප්‍රතිචාර නොදැක්වීම නිසා මෙම බහාලුම විවෘත කර පරීක්ෂා කිරීමට රේගුව තීරණය කර තිබේ.

මෙම බහාලුම තුළ කාර්මික රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12,220ක් ඇති බවට රේගුවට ප්‍රකාශ කර තිබූණ ද, මෙම බහාලුම තුළ එතනෝල් මධ්‍යසාර ලීටර් 15,200 ක් ලීටර් 200 බැගින් වූ බඳුන් 76 ක් තුළ අසුරා තිබූ බව රේගු නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.